Saturday, December 3, 2016

නොමිලේ Spoken English පාඨමාලාවක්!

ඔබ පාසල් අවදියෙන් පසුව ඉංග්‍රීසි පංති කිහිපයකටම ගොස් ඇති බවට සැකයක් නැහැ. නමුත් ඒවායින් ප්‍රයෝජනයක් වුනාද? එසේ නම් ඔබ මේ බ්ලොග් අඩවියට එන්නේ කුමකටද?

Spoken English ඉගෙන ගන්න කොච්චර උත්සහ කලත් අපට වැරදුණේ කොහෙද?

අපි සරලව සිතමු. ඉස්සෙල්ලම අපි සිංහල හරි දෙමළ හරි වුන අපගේ මවු භාෂාව ඉගෙන ගත්තේ හොහොමද? වයස අවුරුදු දෙකේ ඉඳල අපි ව්‍යාකරණ පංති ගියාවත්ද?

අපි එහෙම කොහෙවත් ගියේ නැහැනේ. අපි කලේ සරලව අපේ අම්ම තාත්ත කියපු හැම දෙයක්ම නැවත නැවත ගිරවු වගේ කියපු එක නෙවෙයිද? අපි ව්‍යාකරණ අදටත් හොඳට දන්නේ නැහැ, එකයි ඇත්ත කතාව. එත් හොඳට කතා කරන්න පුළුවන්.

ඇයි අපි ඒ ක්‍රමය ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගන්න නැත්තේ?
අපේ සමාජයට මේ ඉංග්‍රීසි පංති ක්‍රමය හොඳටම කිඳා බැහැල තියන්නේ. අපේ දෙමව්පියන් එයිට වඩා දෙයක් දැනගන හිටියේ නැහැ.

නමුත්, 2010 අවුරුද්දේ ලංකාවේ Killer English කියල මේ අලුත් ක්‍රමය හඳුන්වල දුන්නා. මාස 3ක පාඨමාලාව රු. 15,000/- වුනා.
එකේ දෙවන කොටස Killer English 2, එකත් මාස 3ක පාඨමාලාවක්, මිළ රු. 15,000/- වුනා.

ගොඩක් අය එකෙන් සාර්ථක ප්‍රථිපල ගත්තත් එක දිගටම පවත්වා ගන්න ඒ අයට පුළුවන් වුනේ නැහැ. මොකද Spoken English කියන්නෙත් හරියට ක්‍රිකට් වගේ, නිතර පුරුදු කරලා නොතිබුනොත් ගොඩක් අමාරුයි. ඒ නිසා නිතර පුහුණු වෙන්න ඕනෑ. හුඟක් අයට එකට අවශ්‍ය පහසුකම් තිබුනේ නැහැ. ආයිත් ආයිත් Killer English පංති යන්න මුදල් තිබුනෙත් නැහැ.

කාලයත් එක්ක ඒ ආයතනය පංති නවත්තල Killer English පළවෙනි පාඨමාලාව පමණක්, Spoken English Study Pack එකක් විදිහට ඇතැම් වෙළඳ සැල් වලට ලබා දුන්නා. පංති කරනවට වඩා එක ලබදායකයි සහ පහසුයි කියල තමයි එහෙම කරලා තියන්නේ. ඒ Spoken English Pack එකක මිළ රු. 4000/- පමණ වෙනවා.එක ගත්ත අයට නම් කිසි ගැටළුවක් නැහැ, ගෙදර ඉඳලම නිතට පුහුණු වෙන්න පුළුවන්. ඒ නිසා එක ගොඩක් සාර්ථක ක්‍රමයක් වුණා.

ඊට පස්සේ තමයි අපිට නිත්‍යානුකුල අයිතිය ලැබුනේ මේ පාඨමාලාව LearnEnglish18 කියල online Spoken English පාඨමාලාවක් විදිහට ඔබ‍ට නොමිළේම ලබා දෙන්න. මෙහිදී Killer English 1 විතරක් නෙවෙයි Killer English 2ත් ඔබට නොමිළේම අපි ලබා දෙනවා.

ඔබට තියන්නේ ඉතා උනන්දුවෙන් පුහුණු වෙන එක විතරයි.

අදම Semester 1 පිවිසෙන්න, මාස 6කින් දක්ෂ ඉංග්‍රීසි කථිකයෙක් වන්න!



LearnEnglish18 පාඨමාලාවෙහි ඇති ප්‍රධාන විශේෂත්වය තමයි, එහි ව්‍යාකරණ ඉගෙනීමක් නැහැ. ඔබ සෘජුවම Spoken English පුහුණුව ආරම්භ කරනවා වගේම එය ශ්‍රවනය සහ කථනය දෙකම එකටම පුහුණු වෙනවා.
Spoken English කියල කියන්නෙම එකටම තමයි.

Semester 1 වලින් තමයි ඔබ ආරම්භ කල යුත්තේ. "How to Practice?" පිටුවේ ඇති ආකාරයට එම පුහුණුව ආරම්භකර නොකඩවා කරගෙන යා යුතුයි.
Semester 2 කියල කියන්නේ දෙවන අදියර, ඔබ Semester 1 සාර්ථකව නිම කරා නම්, Semester 2 ආරම්භ කල යුතුයි. එතන තියන්නේ චිත්‍රපටි ආශ්‍රයෙන් සකස් කරලා තියන වැඩසටහන්. ඒවා සම්පුර්ණයෙන්ම ප්‍රායෝගික Spoken English, කැඩිච්ච ඉංග්‍රීසි නෙවෙයි. ඕනෑවට වැඩිය grammar යොදාගත්ත ලියන ඉංග්‍රීසිත් නෙවෙයි. ඇමරිකාවේ මිනිස්සු එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ප්‍රයෝගික Spoken English.
එ නිසාම තමයි ඔබ LearnEnglish18 පිහුණු විය යුත්තේ.

ඔබට අවශ්‍යවන්නේ ඇමරිකානු, බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සමග වෙනසක් නැතිව කථා කරන්න නොවේද?

එසේනම් අදම Semester 1 පිවිසෙන්න, මාස 6කින් දක්ෂ ඉංග්‍රීසි කථිකයෙක් වන්න!

පහත දැක්වෙන්නේ Semester 2 හි උදාහරණයක්!




මේ කතා කරන දේවල් හොඳින් තේරෙනවා නම් ඒවගේම වෙනසක් නැතිව ඒ අයත් එක්ක දක්ෂ ලෙස කතාව පවත්වාගෙන යන්න පුලුවන්නම්, වෙන මෙකක්ද?   

අදම Semester 1 පිවිසෙන්න, මාස 6කින් දක්ෂ ඉංග්‍රීසි කථිකයෙක් වන්න!